ගල්අඟුරු ගනුදෙනු: කෝප් වාර්තාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට


(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ කෝප් කමිටු විමර්ශනයේ වාර්තාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.

ගල් අඟුරු සමාගම ලක්විජය බලාගාරයේ පරිපාලන නිලධාරින් ඇතුළු පාර්ශව කිහිපයක් කෝප් කමිටුව හමුවට ගෙන්වා ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කළ බවද  ඔහු සඳහන් කළේය.

ඊට අදාළව නිකුත් කළ විගණන වාර්තා කිහිපයක්ද  විමර්ශනයේදී පාදක කර ගත් බව  මන්ත්‍රිවරයා පැවසුවේය.

එහි   තවදුරටත් විමර්ශනය කළ යුතු බවට හඳුනා ගන්නා කොටස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාරදී අැතැයිද ඔහු කීය