ගර්භාෂය වෙනුවට අතක් ඉවත් කළ සිද්ධිය ගැන පරීක්ෂණයක්


(රංජන් කස්තුරි)

ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පරීක්ෂණ ඒකකයේ විශේෂඥ කණ්ඩායමක් එම රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වයස අවුරුදු 78 ක කාන්තාවක් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇතිවූ අවධානමක් හේතුවෙන් ඇගේ එක් අතක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි.