ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීහූ පිරිසක් ටයර් පුළුස්සමින් අද (15) විරෝධතාවයක නිරතවූහ.
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව පොලීසිය හා එක්ව ගාල්ල මාගාල්ල සහ කටුගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.


