ගම්පහත් ගෙයින් ගෙට ගොස් එන්නත් දීම අරඹයි


(තිලකරත්න දිසානායක)

ගම්පහ මහ නගර සභාව මගින් නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන වයෝවෘද්ධ වැසියන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ අදහසකට අනුව නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සදරුවන් පනාපිටිය මහතාගේ මෙහෙයවීම මත මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන අතර වෛද්‍ය මිතුම් පෙරේරා මහතා ස්වේච්ඡාවෙන් සහාය ලබාදීම සිදු කරයි.

මෙම වැඩපිළිවෙළට අනුව දැනට 250 දෙනෙකුට පමණ එන්නත ලබා දීම සිදු කොට ඇති බවත් මේ යටතේ එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන වැඩිහිටියන් හට , ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා හෝ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරමින් " සයිනෝෆාම් " එන්නත ලබා ගැනීමට හැකි බවත් නගරාධිපති එරංග සේනානායක මහතා දැනුම් දීමක් කර සිටී.