(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
සිංහල අවුරුදු නිමාවෙන් පසුව මෙම තත්ත්වය උදාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියා සිටියේය.
මේ වනවිට අවුරුදු උත්සව පවත්වා ඇති රාගම සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් කොවිඩ් ආසාදිතයින් හමුව ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින් 44 දෙනකුද ආසාදිතයින් බවට හදුනාගෙන ඇති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා , යළිත් රෝග තත්ත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් ජනතාව දැඩිව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද සදහන් කළේය.

