ගම්පහ ප්‍රා.ස.අය වැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි


(තිලකරත්න දිසානායක)

ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගය පක්ෂයෙහි 2026 අය වැය කෙටුම්පත , වැඩි ඡන්ද  21 කින් සම්මත විය. 

සභාවේ අයවැය විශේෂ  සභා රැස්වීම සභාපති ( ජා ජ බ ) සෙනරත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්,  සභිකයින් සහ සභාවේ ලේකම් නිරෝෂා සුරවීර මහත්මියගේ සහභාගිත්වයෙන් සභා ශාලාවේදී අද (5) පැවැත්විණි. 

මෙහිදී පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේදී අයවැයට පක්ෂව පාලක පක්ෂයේ ඡන්ද  21 ක් ප්‍රකාශවූ අතර සමගි ජනබල වේගය මන්ත්‍රී කුමාරපේලි මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

අයවැය විශේෂ සභා රැස්වීම සදහා , සභාවේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව වන 36 දෙනා අතුරින් 27 දෙනෙකු පමණක් සහභාගිවී සිටි අතර සමගි ජනබල වේගය මන්ත්‍රීන් තිදෙනෙකු , පොදු ජන එක්සත් පෙරමුණ එක් මන්ත්‍රීවරයෙකු සහ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රීවරයෙකු අය වැයට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය අතර සමගි ජනබල වේගය එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ආකාරයක් දක්නට ලැබිණි.