(ටෝනි කරුණානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ග්‍රාම නිලධාරීන් 55 දෙනකු අද වන විට කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණී රණතුංග මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ග්‍රාම නිලධාරීන්ට මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ආසාදිත සහ නිරෝධායනය වීමෙන් නිසා පුරප්පාඩු වූ එම ග්‍රාම නිලධාරී කොට්ටාසවලට වෙනත් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් තාවකාලිකව අනුයුක්ත කිරීමට එම කොට්ඨාසවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය .