ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 687 ක්


(තිලකරත්න දිසානාය)

කොවිඩ් දෙවන රැල්ලේ අද (16)උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45,385 දෙනෙකු වාර්තා වී ඇති අතර ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 687 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර මහර කොට්ඨාසයෙන් ආසාදිතයින්- 81 දෙනෙකුද, දොම්පෙ  - 78 ක්,  රාගම  - 63 ක්, කටාන  - 50 ක්, කැලණිය - 46 ක්,  සීදූව  - 43 ක්, මීගමුව  - 41 ක්, වත්තල සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 39 දෙනෙකු බැගින් ද , මීරිගම  - 30 ක්,  දිවුලපිටිය  සහ  ජාඇල  - 27 ක්, අත්තනගල්ල  - 25 ක්,  මිනුවන්ගොඩ  - 8 දෙනෙකු වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුව ඇත.

අද උදෑසන වනවිට ගතවූ පැය 24 තුල ආසාදිතයින් 354 දෙනෙකු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,223 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. 

එම කාලය තුල නිදහස් ආයෝජනය කලාප කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 24 දෙනෙකු හමුව ඇති අතර එය කටුනායකින් 13 දෙනෙකු සහ බියගමින්  11 දෙනෙකු වශයෙනි. 

දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3,35,752 දෙනෙකු අද උදෑසන වනවිට  පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට තිබිණි.