ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7ක් අත්අඩංගුවට


(යොහාන් භාසුර සහ එච්.එම් ධර්මපාල)

අන්තර්ජාලයේ දැන්වීම් පලකර අධික මිලට කාන්තාවන් අලෙවි කරමින් දෙහිවල හීල් වීදියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්, ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු කාන්තාවන් හත් දෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් විය.

එය පවත්වාගෙන ගිය නාරාහේන්පිට පදිංචි එහි කළමණාකරුද අත්අඩංගුවට ගෙන තිබේ.

මාසයක පමණ කාලයක් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් අන්තර්ජාලය මගින් ඇනවුම් කරන පුද්ලයින් වෙත සේවා ලබාදී ඇති බවත් රුපියල් 10,000 ත් 30,000 ත් අතර මිල ගණන් වලට මෙහි කාන්තාවන් අලෙවි වී ඇති බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා වැල්ලවත්ත සහ පානදුර ප්‍රදේශවල පදිංචි වයස 23 සහ 39 වයස්වල පසුවන අතර ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනා වයස අවුරුදු 20-40 වයස්වල පසුවන්නන් බවත් පොලිසිය පවසයි.

එම කාන්තාවෝ සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ නිරතව ඇත.