(එච් එම් ධර්මපාල)
කොල්ලුපිටිය, පෙරහැර මාවත සිවි මහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගන යන මුවාවෙන් සිදුකරගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් අද (18 ) වැටලු බව කොළඔ දකුණ කොට්ඨාශ දූෂණමර්ධන ඒකකය කියයි.
එහිදී කලමණාකාරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිට් සුරෑපී කාන්තාවන් හතර දෙනෙකු සමග එහි සේවකයෙකුද හෙරෝයින් මිලිගෑම් 220 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
කලමණාකාරිය කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (51) ක්ද , ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් ජා ඇල, සීදූව, කොටුගොඩ , ඇල්පිටිය, පිටිගල , සිංහාරමුල්ල , පදිංචි වයස අවුරුදු 25 සිට 50 දක්වා වයසේ පසුවන අතර , මෙම ගොඩනැගිල්ලේ හතර වන මහලේ නවාතැන්ගෙන මෙම ජාවාරමට සම්බන්ධවී සිටින බවත් හෙලිවී ඇතැයිද පොලීසිය පවසයි.