ගංවතුරෙන් උතුරේ 45,000ක් පීඩාවට


(ඩයනා උදයංගනී සහ එෆ්. අස්ලම්)


උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත‍්‍රික්කවලට මෙම ගංවතුර තත්ත්වය බලපා ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ හේතුවෙන් පවුල් 2,661කට අයත් 8,539 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර ඔවුන් ආරක්‍ෂිත ස්ථාන 52ක ර`දවනු ලැබ සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

 මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්ට වන අතර කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පවුල් 9,475කට අයත්, 31,234 දෙනෙක් පීඩාවට පත්ව ඇත.

එම දිස්ත‍්‍රික්කයේ පවුල් 1,394කට අයත් 4,649 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 26ක රඳවනු ලැබ සිටිති.


මීට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ පවුල් 3,794කට අයත් 12,651 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් පවුල් 1,240කට අයත් පුද්ගලයින් 3,805 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 25ක ර`දවනු ලැබ සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


යාපනය දිස්ත‍්‍රික්කයේ පවුල් 273කට අයත් 708 දෙනෙක්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ පවුල් 22 කට අයත් 281 දෙනෙක්, සහ මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවුල් 27කට අයත් 85 දෙනෙක් ද ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.


මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 6ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 151කට අර්ධ හානි සිදුව ඇති බව ද ඔහු කීවේය.


අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ මගපෙන්වීම යටතේ මේ වන විටත් සිදුකෙරෙන බව ආණ්ඩුකාර කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.