
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව පෙරියපාඩු වෙරලේ නාවික හමුදාව අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 145 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 543 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා බුද්ධි අංශ හා උඩප්පුව අනුකණ්ඩය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදි පෙරියපාඩු වෙරළට ගොඩ ගසා තිබු කේරළ ගංජා කිලෝ 3 ක් අලුයම සොයා ගෙන තිබු බව කියයි.
පසුව නාවික හමුදාව සිදුකල සෝදිසි මෙහෙයුමකදි පෙරියපාඩු වෙරළේ තැනින් තැන ගොඩ ගසා තිබු මෙම දැවැන්ත කේරල ගංජා තොගය සෝයා ගත් බව නාවික හමුදා පවසයි.
මෙම කේරළ ගංජා තොගයේ පාර්සල් 173ක් සොයාගෙන ඇත.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන විත් ඇති බවත් ඒවා රැගෙන ආ යාත්‍රාව අනතුරකට ලක් විමක් සිදුවන්නට ඇති බවට සැක කරන බවයි.

