(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරච්චි)
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ එහි විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට එම නිලධාරීන් දෙපළගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලය අඩපණ කර රජය අපහසුතාවට පත්කිරීමට උත්සහ කළේ යැයි මෙහිදී ප්‍රශ්න කරන බව ද වාර්තා වේ.