කෝසල නුවන්ට මැති සබෙන් සොව


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසල නුවන් මහතාට අද පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරනු ලැබීය.

 නියෝජ්‍ය කතානායක රිස්වි සාලි  මහතා අදහස් දක්වමින් කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් දැඩි ශෝකය පළ කරන බව සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්විය.