කෝප් එකෙන් අලුත් වැඩක්


(සුජිත් හේවාජුලිගේ)

දූෂණ වංචා අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන සහ ප්‍රශ්නගත ආයතනවලට ඉදිරියේදී හදිසියේම කඩා වැදී ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)  තීරණය කර ඇත.

එම කමිටුවේ සාමාජිකයෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ එහි ව්‍යාපෘතියක කටයුතු පසුගියදා නිරීක්ෂණය කළහ.

කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් එහි ගොස්  නිරීක්ෂණ කටයුතු මෙසේ කළහ.

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සෙවීම වේගවත් කිරීමට ද කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා තීරණය කර ඇත.