රොමේෂ් මධුෂංඛ
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් කේරලගංජා කිලෝ 120 ක් සහ හෙරෝයින් මිලිග්‍රෑම් 1020 සමග සැකකරුවන් 11 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගෙන මන්නාරම් පොලීසියට භාර දීමට නාවික හමුදාව විසින් පයවර ගනු ලැබීය.
මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව නාවික හමුදාව අදාල යාත්‍රාව ලුහුබැඳ ගොස් සිදුකරන ලද පරික්ෂණ වලදී යාත්‍රාවේ තිබූ කේරලගංජා කිලෝ 120 ක් සමග ජී.පී.එස්. යන්ත්‍ර ඇතුලු සන්නිවේදන යන්ත්‍රද සමගින් එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (16) දින මන්නාරම් පොලිස් විෂමත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
මේ අතර නාවික හමුදාව හා මන්නාරම් දිසාදූෂණ මර්ධන අංශය විසින් ඒකාබද්දව සිදුකරන ලද වැටලීමකදී මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධව සිදුකරන ලද වැටලීමකදී ප්‍රදේශයේ හෙරෝහින් අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු නිරීක්ෂණය කොට ඔවුන් පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 1020 ක් තිබී එම පිරිස් 15 දා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කේරල ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 08 දෙනා මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.




