(ඉන්දිකා රාමනායක )
රුපියල් කෝටියකට අධික වටිනා හෙරොයින් තොගයක් සමග 25 හැවිරිදි කාන්තාවක් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකාරිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ (23) හෙරොයින් සමග ඇය අත්අඩංගුවට ගෙන තිබිණි .
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ හෙරොයින් කිලෝ 1 යි, ග්‍රෑම් 24 ක ප්‍රමාණයක් තිබු බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත .

