(යොහාන් භාසුර)
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් ඉන්දියාවේ සිට නීති විරෝධීව ආනයනය කළ උඳු මෙට්‍රික්ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවිලි අරුග්ගොඩ මහතා පැවසීය.
මෙම උඳු තොගය කඩල අඩංගු බහලුමක සඟවා තිබී සොයා ගත් බවත් උඳු තොගයේ වටිනාකම රුපියල් මිලියන 31 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් අරුග්ගොඩ මහතා සඳහන් කළේය.
මෙම මෙම උඳු තොගය කිසියම් ආකාරයකින් රේගුවෙන් නිදහස් වූයේ නම් බදු වශයෙන් රජයට රුපියල් මිලියන 5.1 ක් අහිමි වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උඳු තොගය සහිත බහලුම ඔරුගොඩවත්ත ආර්.සී.ටී. අංගනයේ රඳවා තිබේ.

