කෝටි අටක මත් කුඩු සමග දෙකක් සැකපිට


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි අටකට වඩා වීදි  වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.

එම සැකකරුවන් සමග  මත්ද්‍රව්‍ය  ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 250000/= ක මුදලක් ජංගම දුරකථනයක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ගොතටුව මාලිගමුල්ල ප්‍රදේශයේදී හා කඩුවෙල දක්ෂිණ අධිවේගි පිවිසුම අසලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.