(ඉන්දිකා රාමනායක)
මාකදුරේ මධූෂ්ගේ සැලසුමකට අනුව පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ නිවසින් පැහැරගත් බව කියන රුපියල් කෝටි 500ක අධික වටිනා දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේ යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පොලිසිය අද (11) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කළ ද අධිකරණය එය පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට දැනුම් දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන ඉදිරියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.

