කෝටි 5 ක කේරළ ගංජා සමඟ දෙදනකු දැලේ


(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ  ගංජා කිලෝ 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක්  පොලිස්  මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශය මගින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 ‍ෙකැලණිය  හා ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදුකරන මහා පරිමාණ කේරල ගංජා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  තොරතුරු   හෙළිකරගෙන කුඩා ලොරි රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ෙඑම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී හෙළි කර ගත් තොරතුරු  මෙම ජාවාරම  සිදුකරණ සැකකාරිය ගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා තොගයක්  අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක පවසයි.

සැකකරු  හා සැකකාරිය  සන්තකයේ  කේරල ගංජා පාර්සල්  200 ට අධික ප්‍රමාණයක්  තිබී ඇත.