(ජේ.කේ.එල්. චාමින්ද)
බෙන්තොට දෙද්දුව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කටයුතු ආරම්භකොට දැනට වසර 20ක් පමණ ගතවි ඇතත් එකි ව්‍යාපෘතියට අයත් ඉඩම් ආයෝජකයින් වෙත බදුදිමට සංචාරක සංවර්ධන අධිකාරියට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් 173,159,909 මුදලක් ගෙවා ඉඩම් අත්පත්කර ගැනිමේ කටයුතු අවසන් කොට වසර හයක් ගතවි ඇත.
මෙකි සංවර්ධන ව්‍යාපෘතිය සදහා ඉඩම් අක්කර 1716ක් පවරාගෙන තිබුණි.
ව්‍යාපෘතියේ පළමු අදියර සදහා ඇමරිකානු ඩොලර් බිලියන 2.3කින් යුත් ව්‍යාපෘති යෝජනාව කොන්දේසි සහිතව නිර් දේශ කිරිමට අධිකාරිය විසින් පත්කළ සංවර්ධන යෝජනා ඇගයිම් කමිටුව තිරණය කර තිබුණි
. බදු ගිවිසුම අත්සන් කිරිමට පෙර අදාල ආයෝජකයා වෙත ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දේශිය බැංකු ගිණුමක තැන්පත් කිරිමට කොන්දෙසියකට එළඹ තිබුණි.
2022 ජුනි මස 30 වැනිදින වනතෙක්ම අදාල මුදල තැන්පත් කිරිමට ආයෝජකයාට නොහැකිවු නිසා අදාල ව්‍යාපෘති යෝජනාව ඉවත් කිරිමට අධිකාරිය මගින් කටයුතු කරතිබුණි. මේවනතෙක් මෙකි ව්‍යාපෘතිය සදහා අයෝජකයෙකු තොරාගෙන නොතිබු බව ද විගණන වාර්තාවේ සදහන් වේ.
දේද්දුව වැව ආශ්‍රිතව අක්කර 4000ක වගුරුබිම් ප්‍ර දේශයක් අත්පත්කරගෙන සංචාරක සංවර්ධන ප්‍ර දේශයක් ලෙස අත්පත්කර ගැනිමට 2022 වර්ෂයේ දි එවකට පැවති සංචාරක සංවර්ධන මණ්ඩලය මගින් මෙකි ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි.

