(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාව විසින් යපනය, කන්කසන්තුරයට ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 14 ට ආසන්න අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම වැටලීමේදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 ට ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයේ පී 423 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොදවා කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තුළ දී තිබී මෙම කේරළ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
එම ඩිංගි යාත්‍රාවේ උර 13ක පාර්සල 428 ක් වශයෙන් මෙම කේරළ ගංජා තොගය තිබූ බව ද නාවික හමුදාව සඳහන් කරයි
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය අද (3) නාවික හමුදාව විසින් කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ආ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද එම ස්ථානයට ගොස් ඒවා නිරීක්ෂණය කර වැටලිම සිදු කළ නිලධාරීන්ට සිය ප්‍රණාමය පුද කළේය.
ඩිංගි යාත්‍රා වෙන් මෙම කේරළ ගංජා තොගය මෙරටට රැගෙන ආ සැකකරුවන් , යාපනය අනිලතිව් දූපතේ පදිංචිකරුවන් බවත් ඔවුන් වැඩි දුර වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කාසන්තුරේ පොලිසියට පොලීසියට බාර දී ඇත.

