(මනෝප‍්‍රිය ගුණසේකර)
කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක කි‍්‍රයාකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ජුනි 24 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට අද (19) නියම කළේය.
කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධූර විතානගේ මහතාගේ පරිගණකයේ තිබු දත්ත නීතීවිරෝධී ආකාරයෙන් ලබාගැනීමේ චෝදනාවන් මත ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ජුනි මස 17 වැනිදා කෝට්ටේදී, කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණකයේ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව අදාළ දත්ත නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක කි‍්‍රයාකරුවකු වන එස්. ලසන්ත නමැත්තෙකි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුනි මස 24 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ චානක මානවඩු මහතා සමඟ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාද දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ තුෂාර පි‍්‍රයංකර වලවේ මහතාද පෙනී සිටියහ.

