කෝටි 40ක බත්තල් තුනක් වරායේ බත් වෙයි


(සුජිත් හේවාජූලිගේ)

පුත්තලම ගල්අඟුරු බලාගාරය ගල්අඟුරු ප්‍රවාහනයට සඳහා රුපියල්  කෝටි 40ක බත්ත තුනක්  ප්‍රයෝජනයට නොගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වූ බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

මෙයට අමතරව එම බත්තල් තුනේ කටයුතු සඳහා මිලදි ගත් රුපියල් කෝටි 38කට අධික වටිනා ටග් බෝට්ටු දෙකක් හා ලයින් බෝට්ටුවක් ද ප්‍රයෝජනයට ගෙන නැතැයි සභාපතිවරයා කියයි.

ලංකා නැව් සංස්ථාව බත්තල් තුන යොදාගෙන කෙටි කාලයක් ගල්අඟුරු ගොඩ බෑමෙන් පසුව මේ බත්තල් ඒ කටයුතු සඳහා සුදුසු නැති බව පවසා ගල් අඟුරු ගොඩබෑම පෞද්ගලික ආයතනයකට පවරා ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කොප් කමිටුවට පවසා ඇත.