(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් නවයක මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකිරීම නිසාවෙන් විශාල ගැටළුකාරී තත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන් පවසති
ඒ අනුව කොස්ගම සාලාව , පිළියන්දල , පාදුක්ක , වෑතර, අතුරුගිරිය ඔරුවල, තලංගම, නවගමුව, ශ්‍රි ජයවර්ධනපුර , කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල යන රෝහල් වල මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොවන බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බවද ඔවූහු පවසති
මෙම රෝහල් අතුරින් බොහෝ රෝහල් වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් ශීතාගාර, පුහුණු සේවකයින්, එම පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය උපකරණ හිගකම සහ අධිකරණ වෛද්‍ය නිළධාරීයෙකු නොමැති බව නිසාවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ද අනාවරණය වී ඇත
මේ අතුරින් රෝහල් කිහිපයක් සදහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුලු කාර්ය මණ්ඩලය සිටියද අධිකරණ වෛද්‍ය නිළධාරී හිගය නිසාවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද කොළඹ දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන් පෙන්වා දෙති
මෙරට රෝහල් සදහා අධිකරණ වෛද්‍ය නිළධාරීන් හයසිය දෙනෙකු පමණ අවශ්‍යතාවය තිබුණ ද මේ වනවිට සිටිනුයේ අධිකරණ වෛද්‍ය නිළධාරී දෙසීයකට ආසන්න ප්‍රමාණයක් බැවින් මෙම ගැටළු සහගත තත්වය නිර්මාණය වී ඇති බවද එම නිළධාරීන් පෙන්වා දෙති
පාදුක්ක දිසා රෝහලේ සිදුවන හදිසි මරණයකදී එම මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යායුතු වීමෙන් මරණකරුගේ ඥාතීන්ට විශාල වියදමක් දැරීමටත් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමටත් සිදුවන බවත් මේ තත්වයන් නිසාවෙන් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට පැමිණෙන ජනතාව මහත් අසරණ භාවයට පත්වන බැවින් මේ පිලීබදව බළධාරීන් වහා අවධානය යොමුකර කටයුතු කල යුතු බවද ඔවූහු ඉල්ලා සිටිති

