කොළඹ රිමාන්ඩ් සිරගෙදරින් තහනම් භාණ්ඩ එළියට


(ඉන්දිකා රාමනායක)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ  අද සිදුකළ   මෙහෙයුමකින් මත්කුඩු පැකට් 28ක්, ජංගම දුරකතන 5ක්,  සිම් පත් 14 ක්, . බැටර් චාජ්ර් 3 ක්,   කතුරු යකඩ පටි ඇතුළු තහනම්  භාණ්ඩ රැසක්  සොයාගත් බව  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පුනරුත්ථාපන හා පාලක කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පැවසිය.

රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ උපදෙස් මත රාජකාරියේ නිරත  විශේෂ කාර්ය බළකා සහ  රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවල  නිලධාරීහු මෙම මෙහෙයුම  සදහා සහභාගි වී සිටියහ.