කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය-ජංගම දුරකතන සොයාගනී


(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී  ස්මාට් අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන තොගයක් සහ විවිධ මත්ද්‍රව‍්‍ය  හමුවී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සොයාගත්   එම ජංගම දුරකථන 27 අතර ස්මාර්ට් ජංගම දුරකථන 07  ක් ද තිබී ඇතැයි දැනගන්නට ඇත.මත්ද්‍රව‍්‍ය  අතර හොරයින් අයිස් සහ ගංජා ද  අඩංගුව තිබී ඇතැයි කියයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 04 ක්ද  , එම් 2 වාට්ටුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ස්මාට් ජංගම දුරකථන 07 ක් ස්මාට් අත් ඔරලෝසුව සහ සෙසු ජංගම දුරකථන තොගය මෙන්ම   විවිධ  මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇතැයි  කියයි.