කොළඹ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්


මෑත සතිවල සිට කොළඹ ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් හමුවීම අඩුවෙමින් පවතින බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීහු පවසති. 

අහඹු ලෙසින් ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂණත් 250 ක් පමණ කර ඇති නමුත්, අතරින් පතර එක් අයෙකු හෝ දෙදෙනෙකු ආසාදිතයන් ලෙසින් හමුවන බවත් ඔවුහු කියති. 

කලින් පැවති තත්ත්වය අනුව ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් පසු 70% ක හෝ 80% ක ආසාදිතයෝ පිරිසක් හමුවූහ. 

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ ඉලක්කගත පොදු ප්‍රදේශවල අහඹු පරීක්ෂණ සිදු වෙමින් පවතින නමුත් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් හමුවෙමින් තිබෙන බවයි. කෙසේවෙතත්, (විශේෂයෙන් නාගරීකරණය වූ ප්‍රදේශවල) කොරෝනා වයිරසය දිගින් දිගටම තර්ජනයක්ව බවතින බැවින් පවසමින් ප්‍රවේශම් සහගතව, සියලුම සෞඛ්‍ය නියාමනයන් අනුගමනය කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පෙබරවාරි මාසයේ සිට එන්නත් කිරීමේ වැඩසටහන දියත් කිරීමෙන් පසු, කොළඹ නගරය පුරා සිදුකරන ලද අහඹු පීසීආර් සහ ක්‍ෂණික ප්‍රතිදේහ  පරීක්ෂණ සංඛ්‍යාව එන්නත් ආරම්භ කිරීමට පෙර සිදු කළ ප්‍රමාණයට වඩා අඩු බවද වෛද්‍ය විජේමුනි මහතා පිළිගත්තේය. එහෙත් ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවද හෙතෙම පැවසීය. 

ජනාකීර්ණ ප්‍රදේශවල රෝගියෙකු හඳුනාගත් වහාම පළමු පෙළ සම්බන්ධතා සියල්ලම පරීක්ෂාවට ලක් කළ බවත්, දෙවන හා තෙවන සම්බන්ධතා හඳුනාගත් වහාම ඔවුන්ද පරීක්ෂාවට ලක් කළ බවත් වෛද්‍ය විජේමුණි මහතා පැවසීය. 

“අපි දිගටම පොදු බස් නැවතුම්පොළවල්, වෙළඳපොළවල් සහ වෙනත් පොදු ස්ථානවල අහඹු පරීක්ෂණ පවත්වනවා. ඒ මගින් රෝගීන් හඳුනාගැනීමේ උත්සාහයක නිරත වෙනවා”යයිද වෛද්‍ය විජේමුණි මහතා පැවසීය.

- ජමිලා හුසේන් (ඩේලි මිරර්)