(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් පසු එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය පාණදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 24 ක තරුණියකි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවාවක කාන්තාවන් දෙදෙනකු ඉකුත් 10 වැනිදින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
ප්‍රධාන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස නිවේදනයක් ද නිකුත් කර තිබිණි

