කොල්ලුපිටියේ චීන අවන්හලක පිපිරීමකින් 4කට තුවාල



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොල්ලුපිටිය චීන අවන්හලක අද(08) වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
 
අවන්හලේ තිබූ ගෑස් සිලින්ඩරයක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බව පොලිසිය සැක කරයි.
 
පිපිරීමෙන් වෙළඳසැල් 11කට පමණ අලාභ හානි වී ඇතැයි පොලිසිය පවසයි.
 
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.