ජර්මනිය තුළ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ රෝගයෙන් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව වෛරසය ආසාදිත නව රෝගීන් සංඛ්‍යාවට වඩා මෑතකදී අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි.
අගුලු දැමීමේ සීමාවල සාර්ථකත්වය මීට හේතුවී ඇතැයි ද ඔහු පැවසීය.
ජර්මනියේ රෝග පාලනය පිළිිබඳ නියෝජිතායතනය හඳුනාගෙන ඇති පරිදි වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය දශම හත දක්වා පහත බැස තිබේ.
සංඛ්‍යාත්මකව එහි අර්ථය වන්නේ වෛරසය ආසාදිත එක් එක් පුද්ගලයා වෙතින් වෛරසය අලුතින් ආසාදය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එකට අඩු බවයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිත සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව මෙන්ම වෛරසය හේතුවෙන් මරණයට පත්වන සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතී.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව ජර්මනියෙන් මේ විට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 138,000 කට අධිකය.
වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,868 ක් වන අතර එය වෙනත් රටවලට සාපේක්ෂව අඩු අගයකි.
(බීබීසී ඇසුරෙනි)
-226-

