
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (26) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
කොළඹ 8 සහ බම්බලපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 87 සහ 80 වයස්වල පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද අද මිය ගිය අය අතර වෙති.


