කොරෝනා බඩු මල්ලටත් සීමා


(ඩයනා උදයංගනී සහ පුෂ්පකුමාර ජයරත්න)

කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සලාකය අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදෙන බවට වන චක්‍රලේඛයක්ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් නිකුත් කර තිබේ.

කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද එහි දැක්වේ