(යොහාන් භාසුර)
’කොවිඩ්’ මර්දනය සඳහා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට සහ ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවීමට කළ යෝජනා දෙකම සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතික්ෂේප කළ බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක, වසංගත රෝග විශේෂඥා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.
තමන් යෝජනා කළ පක්‍ෂ නායක කමිටුව සහ ග්‍රාමීය කමිටු ඇති කළා නම් අද රටට මෙවැනි දැඩි ව්‍යවසනාකාරී තත්වයකට පත්නොවන බව ද වෛද්‍යවරයකු ලෙස තමන්ගේ යෝජනා බැහැර කිරීම පිළිබඳව කණගාටු වන බවත් තිස්ස විතාරණ සඳහන් කළේය.
පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පිහිටුවලා සියලු දෙනාගේ අදහස් ලබාගෙන ‘කොවිඩ්’ මර්දනය ජාතික වැඩසටහනක් හැටියට පරිවර්ථනය කිරීමට යෝජනා කළ බව කී තිස්ස විතාරණ ද එවැනි කමිටුවක් අවශ්‍ය නොවන පැවසූ බවත් සඳහන් කළේය.
‘කොවිඩ්’ සමාජගත වී නොමැති බැවින් ග්‍රාමිය කමිටු අවශ්‍ය නොවන බවත් පැවසූ බවත් පාර්ලිමේන්තුවේ තියෙන එතුමිය මුලාසනය දරණ කමිටුවට ඇවිත් අදහස් දක්වන ලෙස දැනුම් දුන්න ද එම කමිටුව රැස්වී නොමැති බව ද කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිස්ස විතාරණ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “‘කොවිඩ්’ සමාජගත වෙලා තියෙන නිසා මම කිව්වා විද්‍යානුකූලව ගම් මට්ටමින් ජනතාව අවදිකරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගෙන කොවිඩ් කමිටුවක් පිහිටුවන්න කියලා. ඒ කමිටුවට යම් කටයුතු බාරදෙන්න පුළුවන්. ජනතාවට පණිවුඩ හතරක් පමණයි දෙන්න ඕන. මේ සෞඛ්‍ය පුරුදු හතර අපි ක්‍රියාත්මක කළොත් මේ වයිරසයට තනිම වැඩෙනන් බෑ. මේ කොවිඩ් වයිරසය ඇබ්බැහි වෙලා තියෙන්නේ අශ්වාස ප්‍රාශ්වාස මාර්ග තුළ තියෙන ශෛලවල වැඩෙන්නැයි. මුව ආවරණය පැළදීම, සබන් යොදා අත සේදීම, මීටර දෙකක් දුරින් හිටියොත් වඩා හොදයි යන පණිවුඩ ජනතාවට දෙන්න ඕන”

