කොරෝනා පැතිරීම නිසා කැස්බෑව ඩිපෝව වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව ලංගම ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන් ඇතුළු 48 දෙනෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම ඩිපෝව ඊයේ (13) සිට තාවකාලිකව වසා දැමූ බව කොළඹ ප්‍රාදේශීය කළමනාකාර යු. ජි. ජි. පි.සත්‍ය සිංහ මහතා පවසයි.

ඉකුත් දින කීපය තුළ කැස්බෑව ඩිපෝවේ සේවක මහත්වරු 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් ඉකුත් 10 වෙනි දින සේවක මහත්තුරු 35 කු කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කැස්බෑව ආටිගල බාලිකා ක්‍රීඩාංගනයේදී පි සි ආර් පරීක්ෂණ සිදුකළ අතර එම සියලු දෙනාට වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බව  කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දීමෙන් අනතුරුව ඩිපෝව වසා දැමීමට කටයුතු කළ බව ප්‍රාදේශීය කළමනාකාර වරයා පැවසීය

ආසාදිත රෝගී සේවක මහත්වරු මේ වන විට ඔවුන් නැවතී සිටින නේවාසිකාගාරවල ,නිවාස වල මෙන්ම ඩිපෝව තුළ රැඳී සිටිමින් ප්‍රතිකාර ලබන බවත් ඉතිරි දෙසීයකට අධික සේවක මහත්වරුද නිරෝධය සඳහා යොමු කළ බවත් එයින් කිහිප දෙනකු ද  දින පි සි ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවත් ප්‍රාදේශීය කළමනාකාර වරයා කීය.