(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා වයිරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී හෙට (17) විවාද කර සම්මත කර කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස් විය.
කොරෝනා වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විවිධ රාජකාරී බාධාවකින් තොරව ගෙන යෑම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත මගින් සැලසෙනු ඇත .

