කොරෝනා නීති කැඩූ 177කට වැඩ වරදි


(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයන් 177 දෙනකු ඉකුත් 24 පැයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා මර්ධනය සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සෑම විටම නිවෙසින් පිටවන විට කොරෝනා නීති අනුගමනය කරන්නැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.