(නිමන්ති රණසිංහ)
කෝවිඩ් ආසාදිතවන දරුවන් සඳහා කොළඹ ළමා රෝහලේ ඇදවල් 225ක් සූදානම් කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්. විජේසූරිය මහතා පැවසීය.
මේ වන විට කොළඹ ළමා රෝහලේ කොවිඩි ආසාදිත දරුවන් 200 දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර එම රෝගීන් වෙනුවෙන් ඒකක 07ක් ස්ථාපිත කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
රෝහලේ ප්‍රතිකාර ලබන කිසිදු රෝගී දරුවකු අසාධ්‍ය තත්වයේ නොමැති අතර දෛනිකව දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් සහ මව්වරුන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගන්නා බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.
එසේ හදුනාගන්නා රෝගී දරුවන් සහ මව්වරුන් අදාළ කොරෝනා ඒකකයට යොමු කර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව සදහන් කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විජේසූරිය මහතා වයස අවුරුදු 14 දක්වා වූ ඕනෑම දරුවකු කොවිඩ් ආසාදිතව ඇත්නම් වහාම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන ලෙස ද වැඩිදුරටත් සදහන් කලේය.

