කොරෝනා ආසාදිතයන් 75ක් වාර්තා වෙයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

කොවිඞ් 19 වයිරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු අද  මියගිය බවත් වයිරසය ආසාදිතයින් 75 දෙනකු වාර්තා වු බවත් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සමස්ථ සංඛාව 664,975 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස මියගෙගාස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු බවද රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.