
( පුෂ්පකුමාර ජයරත්න සහ ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මවුවරුන් සිවු දෙනකු සිසේරියන් සැත්කම් මඟින් සාර්ථක දරු උපත් සිදු කිරීමට නිකවැරටිය මූලික රෝහලේ මාතෘ හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමත් විය.
මාතෘ හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරුන් වන ජගත් විජේපාල සහ සනත් ද සිල්වා මහත්වරුන් එක්ව සිවුවන දරු උපත ඊයේ (2) සාර්ථකව සිදු කළ බව නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රමිල අධිකාරි මහතා පවසයි.
කොරෝනා ආසාදිත මවුවරුන් සිවු දෙනාම සහ ඔවුන් ප්‍රසූත කරන ලද දරුවන් ඉතාම නීරෝගීව සිටින බවද මෙම සැත්කම් සාර්ථක කර ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වෛරස අවදෘනමද නොතකමින් ඉතා දැඩි කැපවීමෙන් කටයුතු කළ බවද වෛද්‍ය ප්‍රමිල අධිකාරි මහතා සඳහන් කළේය.
(නිකවැරැටිය ප්‍රියානි මංගලිකා)



