කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට


කොරෝනා අසාදිත  තවත් රෝගීන් සිව් දෙනකු අද (18)  සොයාගෙන ඇතැයි  සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තාවූ පුද්ගලයින් අතරින් තිදෙනකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් රෝගීයා නිවෙසක නිරෝධායනය වෙමින් සිටි අයෙකි.