
(අංජුල මහික වීරරත්න)
පොලි ඇක්සියල් එම් ආර් අයි අනුකූල (ටයිටේනියම් / කොබෝල්ට් - ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොඳු ඇට පෙළ ආශ්‍රිතව කරන සැත්කම් වලදී කොඳු ඇට පෙළ ස්ථාවරව පවත්වා ගැනීමටත්, සම්බන්ධ කිරීම් ප්‍රවර්ධනය කිරීමටත්, කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධිත, විකෘති තත්ත්වයන් සමඟ කටයුතු කිරීමටත්, අස්ථි බිඳීම් හා ටියුමර් සඳහා ප්‍රතිකාර කිරීමටත් භාවිත කරනු ලබන පොලි ඇක්සියල් එම් ආර් අයි අනුකූල (ටයිටේනියම්/ කොබෝල්ට් - ක්‍රෝම්) ලම්බර් ඩිකල් ඉස්කුරුප්පු 48 ක් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මතපදනම්ව එකම ලංසුකරු වූ ශ්‍රී ලංකාවේ Avenierr Pharma (Pvt) Ltd. (Manufacturer: Miraclus Orthotech (Pvt) Ltd., India) වෙත මුළු පිරිවැය ලංකා රුපියල් මිලියන 136.32 ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

