කොටුවේ ඉදිකිරීම් වැඩබිමක ගැටුමකින් චීන ජාතිකයින් දෙදෙනකු ඇතුළු 5ක් රෝහලේ


(ඉන්දිකා රාමනායක)

කොළඹ කොටුව චැතම්වීදියේ  ඉදිකිරීම් වැඩබිමක චීන ජාතිකයන් දෙපිරිසක්  අතර ඇති වු  ගැටුමකින්    චීන ජාතිකයන්  දෙදෙනෙක්  ඇතුළු පස් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටුව පොලිසිය කියයි.

 ඊයේ ( 22)  මෙම සිද්ධිය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයන් 11 දෙනෙක්  අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන්  තුවාල ලැබු  පස්දෙනා අතර  තිදෙනකු  එම වැඩබිමේ සේවය කරන  ශි‍්‍ර  ලංකිකයන් බවත් ඔවුන් මෙම ගැටුමට මැදි වී තුවාල ලබා ඇති බවද පැවසේ.

මෙම වැඩබිමේ  කොන්ත‍්‍රාත්තුව  වෙනත් චීන  පුද්ගලයෙක්  වෙත පැවරීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද පොලිසිය පවසයි.