කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී  අපරාධ රැසකට සම්බන්ධ " ඇඹිලිපිටියේ පොඩ්ඩා" නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එදින මරණකරු යතුරුපැදියෙන් රැගෙන ආ පුද්ගලයා බව පොලිසිය කියයි. එම යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු හෝටල් සමූහයක කළමනාකරුවෙකු  සහ මුදල් එකතු කරන්නා ලෙස සේවය කරන අය බවත්  කැස්බෑව ප්‍රදේශයේ ඔහු සේවය කරන හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියකුු පැවසීය.

එම සැකකරුට වසර හයකට ඉහතදී අලුතර එතන මඩල ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඝාතනයේ සැකකරුවකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වුවෙකු බව පොලිසිය කියයි.

ඉකුත් 8 වෙනිදින  එලෙස මිය ගොස් තිබුනේ ඇඹිලිපිටිය කුඹුගොඩ ආර හයේ කණුව අසල හික්කඩුව ගෙදර පදිංචිව සිටි අගලවත්ත බඩල්ගේ ජගත් ඉන්දික කුමාර නැමති 43 හැවිරිදි  පුද්ගලයෙකි