කොටහේන වෙඩි තැබීමේ වෙඩික්කරු-යතුරුපැදිකරු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොටහේන  සුමිත්‍රාරාම ප්‍රදේශයේදී   වෙඩි තැබීමට සම්බන්ධ වෙඩිකරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 17-18 පසුවන්නන්ය.

ඉකුත් 16 වෙනි දින සිදුවූ     එම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු හා ඔහුගේ ලොකු අම්මා වල වයස අවුරුදු 70 ක වයෝවෘද්ධ කාන්තාවක් තුවාල ලබා රෝහල් රෝහල් ගත කෙරිණි.

සැකකරුවන් දෙදෙනා නීතිඥවරයකු මාර්ගයෙන් කොටහෙන පොලිසියට සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාසයට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් කොළඹ 13 පදිංචිකරුවෝය‍