(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටි ඝානා ජාතික කාන්තාවක් අද(29) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය අප්‍රිකානු මහාද්වීපයේ ඝානා රාජ්‍යයේ පදිංචි , එච්.අයි.වී.වෛරසය ආසාදිත 41 හැවිරිදි කාන්තාවක් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 068 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .