(මොහොමඩ් ආසික්)
එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරනු ලබන කණ්ඩායම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අද (13) මහනුවර දී සිදුවිය.
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ නායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පළමුව නාම යෝජනා පත්‍රයට අත්සන් කළ අතර අනෙකුත් අපේක්ෂකයින් ද පසුව අත්සන් කරනු ලැබූහ.
ජාතික ජන බලවේගය සිය නාම යෝජනා බාරදීම ලබන සතියේ සිදුවන බවත් මෙහිදී කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.


