කෙහෙළියත් අද මැතිසබයට?


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු කැමතිනම් කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතාට එරෙහි  විශ්වාස භංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දි ඇත.

ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ කතානායකවරයාගේ උපදෙස් මතය.