
(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න විසඳීම සඳහා එම අමාත්‍යාංශ ඉදිරිපත් කර ඇති ඉල්ලීම් බොහොමයක් මෙතෙක් ඉටුවී නැතැයි පැවසෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.
සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න ඉතා නරක තැනකට පැමිණ ඇතැයි එම අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

